Monday, November 11, 2013



සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි... 
සිතිවිලි විතරක් අවදි වෙලා...

පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කරා... 

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
හදවත අවදි කලා...



ගී පද  : කුලරත්න ආරියවංශ
සංගීතය /ගායනය : පණ්ඩිත් ඩබිලිවි.ඩී අමරදේව

Sunday, November 10, 2013





මල ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අදුරට ඉඩදී.. අදුරේ සැගවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යාමේ රෑයාමේ
කාන්සියේ ඔබ හිදිනා වේලේ
සුළගේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල්පෙති මත පිනි කදුලක් රදවා
සුසුමක් වාගේ ඉන් පිටවී 
ඔබගෙන් වෙන්වෙන්නම්
අදුරට ඉඩදී අදුරේ සැගවී
ඔබගෙන් වෙන්වී මම යන්නම් 


පද රචනය :  මහගමසේකර
සංගීතය/ ගායනය :  පණ්ඩිත් ඩබ්ලිවි.ඩී අමරදේව


වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළෙඟ් විසිරෙනු මා දුටුවා
සුළෙඟ් විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා

ගී පද - මහගමසේකර
සංගීතය හා ගායනය - අමරදේව

ආදරයේ සුන්දරත්වය හිමි හිරිමල් තරුණ වියට පමණක් නොවේ. ආදරය වයස් භේදයකින් තොරව පවතින්නකි. එබඳු වූ ජීවිතයේ වසන්තය ඉක්මවා පවත්නා වූ නොමියෙන ආදරයක් ගැන මෙම ගීතයෙන් කියැවේ. (ජීවිතයේ) වසන්තයේ දී ඇගෙන් පෙම පිළි ගැන්මට බලාපොරොත්තුව සිටින ඔහුට සොඳුරු වූ එම වසන්තය ගෙවෙන තුරුම බලා ඉන්නට සිදු වේ. පෙම්වතිය අතැ වූ මල් වල පෙති සේම ඇගේ යෞවනය ද වියැකී යයි. ගහකොළ මැලැවෙන (ජීවන) ගිම්හානයේ දාහය විසින් තරුණකම ද මළවා දමයි. ඒ ගිම්හානයේ අග දී ඇය ඔහු වෙත පැමිණෙයි. එසේ වුවත් යෞවනය නම් මලෙහි අවසාන විසිර ගියත් ආදරය තුළින් ඔහු ඇය ව දකී. මෙම ගිතය අසන විට සිතට නැගෙන හැඟීම ඉතා තීව්ර එහෙත් විස්තර කර දීමට අපහසු එකකි. ගිම්හානයේ මුදරාව තැවරුණු ගීත වලට ගුරු වූයේ මෙම ගීතය බැව් තරයේ ම අදහමි. උත්තර භාරතීය රාගයක් පදනම් කරගෙන ගැයෙන මෙම ගීතය සිංහල ගීත ඉතිහාසයේ අද්විතීය තැනක් හිමි කර ගන්නකි.

 (උපුටා ගත්තේ - http://geerasavinisa.blogspot.com/2009/04/blog-post_2185.html)